මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණය එජාපය හෙළා දකී

අද උදෑසන මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණය එක්සත් ජාතික පක්ෂය හෙළා දකින බවට සදහන් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

එම නිවේදනය පහතින්

“2011 දී මියන්මාරයේ හී ආරම්භ වූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හී ප්‍රතිළුලය 2015 දී ඔවුන්ගේ පළමු පශ්චාත් මිලිටරි මැතිවරණය පැවැත්වීමයි.

2020 නොවැම්බරයේ මහා මහමැතිවරණය මෙම ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාවලියේ දෙවන අදියර විය.

හමුදාවේ මෙම ක්‍රියාමාර්ගය රටේ ප්‍රගතියට තර්ජනයක් වී තිබේ.

පසුගිය වසරේ මියන්මාරයේ පැවති මහ මැතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ ජාතික ලීගය (NLD) සදහා වැඩ් ඡන්ද ප්‍රමාණයක් ලැබිණි.

මියන්මාරයේ තේරිපත්වූ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකය විසින් බලයට පත්විම රටේ ප්‍රජාතන්ත්‍රීකරණයේ තවත් ඉදිරි පියවරක් වනු ඇත.

NLD හී තේරි පත් වූ නියෝජිතයන් අත්අඩංගුවට ගැනීමට ගත් තීරණය වහාම ආපසු හරවන ලෙස අප මියන්මාර හමුදාවගෙන් ඉල්ලා සිටිමු.

එමෙන්ම පාර්ලිමේන්තුවට රැස්වීමට අවසර දිය යුතු අතර ජනාධිපති අගමැති සහ මියන්මාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නැවත රාජකාරි භාර ගැනීමට ඉඩ දිය යුතුය”.

Exit mobile version