මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණය අහඹු ලෙස කැමරාවක සටහන් වූ අයුරු (ඡායාරූප)

මියන්මාරයේ පාර්ලිමේන්තුව ඉදිරිපිට සිය ව්‍යායාම කිරීම රූගත කරමින් සිටි නර්තන ශිල්පිනියකගේ වීඩියෝ පටයේ පසුබිම තුළ මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයේ පළමු පියවර අහඹු ලෙස රූගත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

එමෙන්ම අදාල ව්‍යායාම වල නිරත වන නර්තන ශිල්පිනියක ව්‍යායාම සඳහා යොදා ගත් ගීතය ද එරට හමුදා සහ පොලිසිය හාස්‍යයට ලක් කරන ගීතයක් වීමද විශේෂත්වයකි.

මේ අනුව අදාල කාන්තාව ව්‍යායාම වල නිරත වන විට මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයේ පළමු පියවර ලෙස කළු පැහැති හමුදා රථ ආරක්ෂක මුරපොළ වෙත යන ආකාරය දක්නට ලැබේ.

 

Exit mobile version