පාසල් ගුරුවරුන්ටත් කඩ්නම්න් කොරෝනා එන්නත්කරණයට පියවර

රට පුරා පවත්නා කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිම්න් පාසල් ගුරුවරුන් සඳහාද කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් ක‍ළේය.

 

ඒ අනුව මෙම මස අවසානයේ හෝ ලබන මස ආරම්භයේදී එන්නත ලබා දීමට කටයුතු කෙරෙනු ඇති.

මේ අතර එළඹෙන මාර්තු 01 වැනි දා සිට මධ්‍යස්ථාන 4,000 කදී වයස අවුරුදු 30 – 60 වයස් කාණ්ඩයේ සියලු පුරවැසියන්ට Covid-19 එන්නත් ලබා දීමට පියවර ගන්නා බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.

දිනකට මධ්‍යස්ථාන 2000 ක් ක්‍රියාත්මක වන ආකාරයට එන්නත් කිරීම සිදු කිරීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරිය ප්‍රකාශ කළාය‍

Exit mobile version