විදෙස්ගත තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

අද (17) දිනයේ අලුයම ගුවන් යානා දෙකකින් මැදපෙරදිග රැකියා සඳහා ගොස් යළි මෙරටට පැමිණීමට නොහැකිව සිටි ලාංකිකයින් 400 කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වෙයි.

 

ගැටලුවලට මුහුණ දී සිටින විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ එම පිරිස දිවයිනට රැගෙනවිත් ඇති අතර ශ්‍රී ලාංකිකයින් 389ක් පැමිණ ඇත.

ඉන් පළමු කණ්ඩායම අද අලුයම 04.00ට “ඉටිහාඩ්“ ගුවන් සේවයට අයත් ඊ.වයි. 264 යානයෙන් දිවයිනට පැමිණ තිබු අතර එහි ශ්‍රී ලාංකිකයින් 238 දෙනෙකු පැමිණ ඇත.

මේ අතර තවත් ශ්‍රී ලාංකිකයින් 151ක් අලුයම 04.55 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

මේ වන විට පැමිණි ගුවන් මගීන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර ඇති බව වැඩ්දුරටත් වාර්තා වෙයි.

Exit mobile version