ආසන ගණනට වඩා මගීන් රැගෙන යන පෞද්ගලික බස් වලට නීති දැඩ් කෙරේ

ආසන සංඛ්‍යාවට වඩා මගීන් ගෙන යන පෞද්ගලික බස් රථ වලට එරෙහිව නිතිය තදින් ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සදහන් කරයි.

 

කොවිඩ් ව්‍යාප්තිය වළක්වා ගැනීම සදහා නිතිය දැඩිව ක්‍රියාත්මක කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරන්ඩා මහතා පැවසීය.

ආසන ගණනට පමණක් මගීන් රැගෙන යාමට බස් ගාස්තුව සියයට 20න් ඉහළ දැමූ බව පැවසු ඒ මහතා ආසන ගණනට මගීන් ගෙන යන ලෙස පනවා තිබූ නිතිය ක්‍රියාත්මක බව වැඩිදුරටත් පැවසීය.

බොහෝ බස් රථ වල ආසන ගණනට වඩා මගීන් රැගෙන යන බවට ගමනාගමන කොමිෂන් සභාව වෙත පැමිණිලි ගණනාවක් ලැබී ඇති බව කියා සිටි ඒ මහතා මෙලෙස කටයුතු කරන්නන්ට එරෙහිව නිතිය තදින් ක්‍රියාත්මක කරන බවත් අවශ්‍ය වුවහොත් පොලිසියේ සහාය ලබා ගන්නා බවත් සදහන් කළේය.

Exit mobile version