පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල සැපයුමට බාධා

පානීය ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

 

ඒ අනුව පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාගැනීම සඳහා පැය 24 පුරා අඛණ්ඩව ජලය බෙදාහැරීම සීමා කිරීමට සිදුවන අතර මෙම තත්ත්වය තුළ උස් බිම්වල වෙසෙන පාරිභෝගිකයින් සඳහා ජලය බෙදාහැරිමේදී අඩු පීඩන තත්ත්වයක් ඇතිවිය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

පවතින කාලගුණ තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩය ජල පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

Exit mobile version