ඊයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 518ක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 80,517 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ, ඉන් ආසාදිතයින් 28ක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරින් හඳුනා ගෙන ඇති බවයි.

ඉතිරි පුද්ගලයින් 490 දෙනා දේශීයව හඳුනා ගත් පුද්ගලයින් ය.

හඳුනා ගත් ආාසදිතයින් අතරින් 175 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 77ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 41ක් ලෙස වාර්තා වී ඇත.

පසුගිය පැය 24 තුළ රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයින් 811ක් පූර්ණ සුවය ලබා රෝහල්විල්න පිටව ගොස් ඇති අතර ඒ අනුව සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 75110ක් දක්වා ඉහළ ගියේ ය.

ඊයේ දිනයේ කොරෝනා මරණ 5ක් වාර්තා වීමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 450ක් දක්වා ඉහළ ගියේ ය.

එම මරණ 5 වාර්තාවී තිබුණේ, දුනගහ, නුගේගොඩ, මිනුවන්ගොඩ, කොළඹ 12, සහ කොළඹ 13 යන ප්‍රදේශවලිනි.

ඊයේ දිනයේ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 11,779කි.

 

 

Exit mobile version