හලාවත අතුරුදහන් වූ දරුවාගේ සිරුර හමුවෙයි

වයස අවුරුදු 10ක් වන පිරිමි දරුවෙකුව පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි.

ඝාතනයට ලක්ව ඇත්තේ හලාවත ඉරණවිල, සමිදුගම පදිංචිව සිටි ජුවාන් පේඩිගේ සුධීර නිර්මාල් නැමැති පාසල් සිසුවෙකි.

පසුගිය 25 වැනිදා මෙම දරුවා අතුරුදහන්වී තිබුණි. කිසියම් අයෙකු දරුවාව කැදවාගෙන යන ආකාරය ඉරණවිල ප්‍රදේශයේ පිහිටි වෙළඳසලක ආරක්ෂිත කැමරාවේ සටහන් වී ඇත.

ඒ අනුව අතුරුදහන් වූ දරුවා සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් හා ගම්වාසීන් විසින් සිදුකළ විමර්ෂනයේ දී මෙම දරුවාගේ සිරුර අද(27) උදෑසන හලාවත, මුවපිටිය කැලෑබඳ පෙදෙසක තිබී හමුව තිබේ.

Exit mobile version