ඊයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

ඊයේ (24) දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 458ක් හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.

 

එම ආසාදිතයින් සියලුදෙනා හඳුනා ගෙන ඇත්තේ, දේශීයව වන අතර ඉන් වැඩිම කාෙවිඩ් රෝගීන් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

එම රෝගීන් ගණන 94 කි.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 76 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 59 ක් ලෙස වාර්තා වෙයි.

අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 81,467ක් වන අතර පූර්ණ සුවය ලබා පිටව ගොස් සිටින පුද්ගලයින් සංඛ්‍යාව 76514 කි.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 4496කි.

පසුගිය දිනයේ මෙරටින් කොරෝනා මරණ 4ක් වාර්තාවී ඇති අතර එම මරණ වාර්තාවී ඇත්තේ, ගල්කිස්ස, කොටුගොඩ, බොරලැස්ගමුව සහ වතත්ල යන ප්‍රදේශවලිනි.

මේ වනවිට මෙරටින් වාර්තා වන කොවිඩ් – 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 457 කි.

නිරෝධායන මධ්‍යස්ථාන 95 ක් තුළ පුද්ගලයින් 10,075 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනය තුළ සිදු කර ඇති PCR පරික්‍ෂණ සංඛ්‍යාව 13,714 කි.

Exit mobile version