ගාලු මුහුදු පත්ලේ ගිල්වූ බස් (ඡායාරූප)

නාරා ආයතනය මඟින් හඳුනාගත් ස්ථාන 192 ක ධීවර අස්වැන්න වැඩිකිරීමේ අරමුණින් භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි, බස් රථ සහ බෝට්ටු ගැඹුරු මුහුදේ තැන්පත් කිරීමේ දෙවැනි අදියර අද ගාල්ල වරාය භූමියෙන් ආරම්භ කෙරුණි.

ඒ ධීවර දෙපාර්තමේන්තුව හා නාවික හමුදාවේ සහයෝගයෙනි.

එම අවස්ථාව සදහා අමාත්‍ය කංචන විජේසේකර මහතාද සහාභාගි වූ අතර ගාල්ල ධීවර වරායේ සිට කිලෝමීටර් 03ක් පමණ දුර මුහුදේ මේ බස් රථ තැන්පත් කිරීම සිදු විය.

ඒ අනුව භාවිතයෙන් ඉවත් කරන ලද ලංගම බස්රථ 4ක බඳ ගාලු ධීවර වරායේ සිට නාවික සැතපුම් 4ක් දුරින් වූ ගැඹුරු මුහුදේ ගිල්වීම සිදු කරනු ලැබිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් මත්ස්‍ය සම්පත වැඩිදියුණු කිරීමේ සංකල්පය මත එම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

Exit mobile version