ශ්‍රී දේවීගේ දේහය ඩුබායි පොලිසීය විසින් නිදහස් කරයි

ඉන්දීය සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රී දේවීගේ දේහය ඩුබායි පොලිසීය විසින් ඉදිරි අවමංගල්‍ය කටයුතු සඳහා නිදහස් කර තිබේ.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී දේවීගේ මරණය සම්බන්ධ පරීක්ෂණ කටයුතු අවසන් කර අැති බවයි.

මිය ගිය ශ්‍රී දේවීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉන්දියාවේ මුම්බායි නුවරදී සිදු කිරීමට නියමිතයි.

පසුගිය සෙනසුරාදා (24) පවුලේ මංගල්‍ය උත්සවයකට සහභාගීව සිටියදී ශ්‍රී දේවී තමන් නවාතැන් ගෙන සිටි හෝටලයේ නාන කාමරයේ මිය ගොස් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version