නිරෝගීමත් ජීවිතයක් ගතකිරීමට ක්‍රීඩාවද අවැසි බව අගමැති කියයි (ඡායාරූප)

නිරෝගීමත් ජීවිතයක් ගතකිරීමට ක්‍රීඩාවද අවැසි බව අගමැති මහින්ද රාජපක්ෂ මහත පවසයි.

අගමැතිවරයා මේ බව පැවසුවේ අද (02) අරලියගහ මන්දිරයේ දී, ජවසම්පන්න පරපුරක් උදෙසා “ගමට පිටියක්” ජාතික වැඩසටහන යටතේ රටපුරා ග්‍රාමිය ක්‍රීඩා පිටි 332ක් එකවර සංවර්ධනය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි..

වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා පැවසුවේ “මේ රටේ දරුවන්ට ක්‍රීඩා කරන්න ඉඩක් තියෙනවද කියන කාරණය අලුතෙන්ම අපි හිතා බලන්න ඕනේ. මේ තත්ත්වයෙන් රට මුදාගන්න, අපේ ජාතිය බේරාගන්න තබන හොඳම පියවරක් තමයි අද මේ අපි තබන්නේ කියලයි මම විශ්වාස කරන්නෙ. පාසලක් විවෘත කළාම බන්ධනාගාරයක් වැහෙනවා කියලා ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. අපි ඒ බව තේරුම් අරගෙන අධ්‍යාපනය වෙනුවෙන් විශාල වැඩකොටසක් කරගෙන යනවා. ඒ වගේම තමයි පිට්ටනියක්, ක්‍රීඩාංගනයක් දියුණු කළාම රෝහලක් හදන්න තියෙන අවශ්‍යතාවය ද අඩුවෙන බව මට හිතනෙවා. අද අපේ රටේ පුරවැසියන්ගේ ආයු කාලය වයස 80 ඉක්මවලා තියෙනවා. නමුත් දීර්ඝායුෂ වින්දත් රෝගියෙක් හැටියට නම් ජීවත්වෙන්න සිදුවන්නේ ඒකෙන් ඇති වැඩක් තියෙනවා ද? වැඩක් නැහැ.  අද ලෝකෙම හොඳ ජීවිතයක්, නිරෝගීමත් ජීවිතයක් ගතකිරීම ගැන හිතන කාලයක්. ඒකට තමයි එක පැත්තකින් ක්‍රීඩාව තියෙන්න ඕනෑ කියලා මම විශ්වාස කරන්නෙ.“ යනුවෙනි.

Exit mobile version