ඊයේ වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වූයේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 317ක් හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මෙම ආසාදිතයින් සියලු දෙනා හඳුනා ගෙන ඇත්තේ, දේශීයව වන අතර

ඊයේ දිනයේ වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වූයේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 72 කි.

මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 63ක් ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 57 ක් ලෙස වාර්තා වේ.

ගාල්ල, මහනුවර සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 29, 21 සහ 14ක් ලෙස වාර්තා වී තිබේ.

මේ වනවිට මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 83870ක් වන අතර සුවය ලබා පිටව ගොස් ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 80020කි.

ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 7ක් වාර්තා වීමත් සමග මරණ සංඛ්‍යාව 483ක් දක්වා ඉහළ ගි‌යේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ , කොළඹ – 15 , කොළඹ – 05 , කොළඹ – 02 , පිළියන්දල , පිළිමතලාව සහ ගලේවෙල ප්‍රදේශවලින් එම මරණ වාර්තා වූ බවයි.

කොළඹ කොළඹ – 15 ප්‍රදේශයේ මරණ දෙකක් වාර්තා වී ඇති අතර මිය ගිය කාන්තාවන් දෙදෙනා අතරින් එක් තැනැත්තියක මිය ගොස් ඇත්තේ නිවසේදී ය.

මිය ගිය පුද්ගලයින් අතර කාන්තාවන් සිව් දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනකු වන අතර ඔවුන් සියලු දෙනා අවරුදු 63 ත් 87 අතර වයස් කාණ්ඩවල පසුවන්නන් ය.

Exit mobile version