කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය පහලට

ජනගහනයට අනුපාතිකව කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.

කොළඹ නගරයේ වායු දූෂණය වැළැක්වීම සඳහා පරිසර අමාත්‍යාංශය හා කොළඹ මහනගර සභාව එක්ව ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ආරම්භ කිරිම සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඇතුළු නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදි කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ පරිසර සංරක්ෂණය සඳහා අවශ්‍ය විශේෂඥ හා තාක්ෂණික සහාය ලබාදෙන ලෙස නාගරාධිපතිනි රෝසි සේනානනායක මහත්මිය විසින් ඉල්ලීමක් කළ බවද පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය දිනපතා පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට එහිදී සැලසුම්කර ඇති බව වැඩ්දුරටත් වාර්තා වෙයි.

Exit mobile version