මාස 09 ක සිය කුඩා බිළිදියට මව විසින් අමානුෂික ලෙස පහර දුන් හේතුව

පසුගියදා වාර්තා වූ යාපනය, මනියතෝට්ටම් ප්‍රදේශයේදී මවක විසින් සිය මාස 9ක් වයසැති දරුවාට පහර දීමට හේතුව එම අවස්ථාව වීඩියෝ කර විදෙස්ගතව සිටින දරුවාගේ පියාට යවා මුදල් ලබා ගැනීමේ අදහසින් බවට පොලිසිය වෙත තොරතුරු අනාවරණය වී ඇත.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය විසින් තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පහරදීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවගේ මස්සිනා කෙනෙකු හා කාන්තාව දරුවාට පහර දෙන අවස්ථාවේදී එය වීඩියෝ කළ පුද්ගලයාය.

දැනට පොලිසිය විසින් කරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ අදාළ පුද්ගලයන් දෙදෙනා එම වීඩියෝ දර්ශන විදේශ රටක සිටින කාන්තාවගේ ස්වාමියාට යවා ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම්තයි.

Exit mobile version