මම ෆේල් නෑ : ජනපති (ඡායාරූප)

ඇතැමුන් තමන් “ෆේල්” බව කීව ද, තමන් ෆේල් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඊයේ කුරුණෑගල, ගිරිබාව,වේරගලදී පැවති ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහනට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.

මෙම අවස්ථාවට ඒක්වෙමින් ජනපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ජනාධිපති කොමිසමක් පත්කරලා, මේ වාර්තාවක් දුන්න නේ. මම දැක්කා සමහර දේශපාලන අය මේකෙන් ප්‍රයෝජන ගන්න හදනවා, අපේ පිටින් දාලා. ගිය ජනාධිපතිතුමා තමයි පත් කළේ. කොමිසම් සභාව විවිධ අවස්ථාවලදී පැහැදිලිවම කාටද මේකේ වගකීම දිය යුත්තේ කියන එක කියලා තියෙනවා. මේකේ අවසානයේ කියනවා 2015 සිට රජය ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ලබා නොදෙන ලදි. ඊට පස්සේ කියනවා අකාර්යක්ෂම රජය, අප්‍රේල් 21 සිදුවූ සිදුවීම් සඳහා ප්‍රධාන සාධකයක් විය. මෙම ඛේදවාචකයට ජනාධිපති සිරිසේන සහ අග්‍රාමාත්‍යවරයා පමණක් නොව රජය වගකිව යුතුය. මේ රජයේම හිටිය අය දැන් ඇවිත් කතා කරන්නේ රජයේ හිටියේ නෑ වගේ.”

“මම විශේෂයෙන්ම දන්නවා කාදිනල් හිමිපාණන්ට වේදනාවක් තියෙනවා. කාදිනල් හිමිපාණන් කතා කිරීම සාධාරණයි. හිටපු රජයේ මැති ඇමතිවරු කතා කරනවා, බලයට ආවොත් මරණ දඬුවම දෙනවලු. උසාවියෙන් තමයි තීන්දු දෙන්නේ. රජයට කියන්න බැහැ එල්ලලා මරනවා කියලා. ඊළඟට, නැගීඑන ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා වික්‍රමසිංහ මහතා ඇතුළු රජය විසින් වඩාත් ක්‍රියාශීලි කාර්යභාරයක් ඉටු කිරීමට අසමත්වීමට හේතුව තේරුම් ගැනීමට පරීක්ෂණ කොමිෂන් සභාවට අපහසුය. අවාසනාවකට මෙන් වික්‍රමසිංහ ඇතුළු රජය මුස්ලිම් දේශපාලන පක්ෂවල සහයෝගය මත  යැපීම නිසා නැගීඑන ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ක්‍රියාකිරීමට මැලිකමක් දක්වන බවට සාක්ෂිකරුවන් කිහිපදෙනෙක් සාක්ෂි දුන්හ.  හිටපු ජනාධිපතිට පවරලා බේරෙන්න හදනවා. එදා පාර්ලිමේන්තුවට බලය අවශ්‍යයි කියලා එතුමාගෙන් බලය ගත්තානේ. දැන් ඒ අය නිශ්ශබ්දයි. අපේ රජය වගකියන්න ඕනේ කියන එක පදනම් විරහිතයි. චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. දඬුවම් ලබාදීම. අපේ වගකීම අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා. මමවත් අපේ රජයවත් පාස්කු ඉරිදා විකුණලා බලයට ආවේ නැහැ. ප්‍රාදේශීය සභා ඡන්දය තිබ්බේ පාස්කු ඉරිදට කලින්. අපි ප්‍රාදේශීය සභා ඡන්දය දින්නා. පැවති රජය ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දුන්නේ නැහැ. බුද්ධි අංශ නිලධාරීන් හිරේ දැම්මා. යුද්ධය කළ නාවික හමුදාපති තාම දුක් විඳිනවා. ජාතික ආරක්ෂාව ගැන තැකීමක් කළේ නැහැ. සමහර පක්ෂ කළු කොඩි දානවලු. පාස්කු සිද්ධියේදී කළු කොඩි දැම්මේ නැහැ. සමහර කොමිෂන් සභා වාර්තා දකින්නත් නැහැ. මේක මාසයකට අඩු කාලයකින් එළියට ආවා. පාර්ලිමේන්තුවේ විවාද කරනවා. ප්‍රමාද කළා කියලා කියන්න බැහැ. අපිට හංගන්න අවශ්‍යතාවක් නැහැ. කිසිකෙනෙක් සන්තෝෂ කරන්න අවශ්‍ය නැහැ. ජනතාව 2/3ක බලයක් දුන්නා.” යනුවෙනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා “සමහර අය කියනවා මං ෆේල් ලු. මම ෆේල් නෑ. මම අවුරුදු 20ක් හමුදාවේ රට වෙනුවෙන් වැඩ කළා යුද්ධ කළා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආරක්ෂක ලේකම්වරයා හැටියට අවුරුදු 30ක් තිබිච්ච යුද්දේ අවසාන කළා. ඒ ඇති මට ගෞරව උපාධියක් ගන්න. ඒ ගෞරව උපාධිය, දැන් මේක බෝනස්. මේ ජනාධිපතිකමෙන් හම්බ වෙන්නේ බෝනස් මාක්ස් ඒකේ මම පාස් වෙලා හුඟක් කල්. ගෞරව උපාධිත් එක්ක ම දැන් ඩබල් පී.එච්.ඩී. එකට මේ වැඩ කරන්නේ,” යනුවෙන් පැවසීය.

Exit mobile version