පාස්කු වාර්තාව අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනේ

අද (10) දිනයේ ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතය.

ඒ් අනුව පෙරවරු 11 සිට පස්වරු 5.30 දක්වා පාස්කු කොමිෂන් සභා වාර්තාව විවාදයට ගැනෙන බව පාර්ලිමේන්තු මහාලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේය.

ජනාධිපති කොමිෂන් සභා වාර්තාව රජය විසින් ගෙන එනු ලබන කල්තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Exit mobile version