ලොව උසම හෝටලය වන ජෙවෝරා හෝටලය විවෘත කරයි

මීටර් 356ක් උසැති ලොව උසම හෝටලය වන ජෙවෝරා හෝටලය ඩුබායිහි දී විවෘත කිරීම පසුගියදා සිදු කළ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අල් අටාර් සමාගම මගින් හෝටලයේ ඉදිකිරීම් කටයුතු සිදු කර ඇති අතර එය සම්පූර්ණ කිරීමට වසර හතරක් ගත වූ බව සඳහන් වෙයි.

මීට පෙර ලොව උසම හෝටලය ලෙස ගීනස් වාර්තා අතරට එක්ව සිටියේ මීටර් 355.35 ක් උසැති ඩුබායිහි ජේ. ඩබ්ලිව්. මැරියට් හෝටලයයි.

Exit mobile version