මත්ද්‍රව්‍ය ආරවුලක් හේතුවෙන් තරුණයෙක් මරුට

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් කොළඹ, ග්‍රෑන්ඩ්පාස්, සේදවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී 19 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය

සැකකරු ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර සැකකරු 41 හැවිරිදි අයෙකි.

ආරවුල හේතුවෙන් සැකකරු ද සුළු තුවාල ලබා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

Exit mobile version