අද ලෝක ක්‍ෂය රෝග දිනයයි

අද(24) ලෝක ක්‍ෂය රෝග දිනයයි.

සෞඛ්‍ය වාර්තාවල සඳහන් වන්නේ වසරකට ක්ෂය රෝගය හේතුවෙන් මෙරටදී පුද්ගලයින් 500 ත් 600 ත් අතර සංඛ්‍යාවක් මිය යන බවයි

මෙම රෝගය අඛණ්ඩව මාස 6 ක් ප්‍රතිකාර ගැනීමෙන් සුව කළහැකි අතර ක්‍ෂය රෝග ලක්‍ෂණ වන්නේ පපුවේ වේදනාව සහ රාත්‍රි කාලයේ දහඩිය දැමීම.

ලෝකයේ වාර්ෂිකව වාර්තාවන ක්‍ෂය රොගීන් සංඛ්‍යාව ලක්‍ෂ 90 කි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව මෙරට තුළ හදුනා නොගත් ක්‍ෂය රෝගීන් 4,000 ත් 5,000 ත් අතර ප්‍රමාණයක් සමාජයේ සිටින අතර සෞඛ්‍ය වාර්තාවලට අනුව දරුවන් ක්‍ෂය රෝගයට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පවති. 

Exit mobile version