අවිස්සාවේල්ලේ දී සිදුවූ මාරක රිය අනතුරකින් තරුණියක් මරුට

ඊයේ රාත්‍රියේ අවිස්සාවේල්ල පොලිස් වසමේ තල්දුව අමිතිරිගල මාර්ගයේ තල්දූව දෙසට ධාවනය වු ටිපර් රථයක් මාර්ගය හරහා ගමන් කළ තරුණියක් ගැටී අනතුරක් සිදුව ඇති බව පොලීසිය පැවසීය.

අනතුරින් බරපතළ තුවාල ලැබු 20 හැවිරිදි තරුණිය අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගිය තරුණිය අවිස්සාවේල්ල ප්‍රදේශයේ තරුණියක් වන අතර අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version