ගම්බිම් බලා යන ජනතාව ඉලක්ක කර අහඹු පීසීආර් පරික්ෂණ

ගම්බිම් බලා යන ජනතාව ඉලක්ක කරගනිමින් අහඹු පීසීආර් පරික්ෂණ සිදුකිරීමට සැලසුම් කර ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ප්‍රධාන වසංගත රෝග විද්‍යා විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ “තව සති දෙකකින් අලුත් අවුරුද්ද උදාවෙනවා. ඒත් සමග අලුත් අවුරුදු නිවාඩුව සමඟ විශාල පිරිසක් කොළඹ සිට පිටතට ගමන් කරනවා විශේෂයෙන්ම ආර්ථික ප්‍රවර්ධන කලාපවල වැඩකරන පිරිස ගම්වලට යනවා එතකොට මේ පිරිස තුළින් සමහර විට කොවිඩ්-19 ආසාදිතයෝ හිටියොත් ගම් බලා කොවිඩ්-19 ගෙනියන්න පුළුවන්, ඒ නිසා ඔවුන්ව ඉලක්ක කරගෙන අහඹු පරික්ෂණ දිගින් දිගටම මේ අවස්ථාවේදී සිදුකරනවා” යනුවෙනි.

Exit mobile version