තිහගොඩ ප්‍රදේශයේදී පොලිස් ජීප්‍ රථයකට යට වී අයෙක් මරුට

තිහගොඩ ප්‍රදේශයේදී පොලිස් ජීප්‍ රථයකට යට වී පුද්ගලයෙක් මිය ගොස් ඇත.

තිහගොඩ බණ්ඩත්තර ප්‍රදේශයේ පදික මාරුව මතදී මෙම අනතුර ඊයේ රාත්‍රියේ සිදුව ඇති අතර තිහගොඩ පොලීසියට අයත් මෙම ජීප් රථය සැකකරුවෙකු රැගෙන යමින් සිටියදී මෙලෙස අනතුර සිදුව තිබේ.

කෙසේ වෙතත් ජීප් රථය පැදවූ තිහගොඩ පොලීස් නිලධාරීයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version