උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ බස් සහ දුම්රිය සේවාවක්

උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාව වෙනුවෙන් වු විශේෂ බස්රථ සේවාව අද සිට ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කරයි

මේ අනුව එම කාලය තුළ අමතර බස් රථ 400ක් පමණ යෙදවීමට පියවර ගෙන ඇති අතර අද සිට අප්‍රේල් මස 15 දක්වා එම බස් රථ ධාවනය කිරීමට නියමිත බව වැඩි දුරටත් වාර්තා වෙයි.

මේ අතර දුම්රිය 21ක් සහ අමතර දුම්රිය ගමන්වාර 58ක් ද අද සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි

Exit mobile version