යළිත් ඉන්දියාවේ ප්‍රාන්ත රැසකට රාත්‍රී ඇඳිරි නීතිය

කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් ඉන්දියාවේ නගර රැසකට යළිත් රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට සූදානමක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව කර්ණාටක ප්‍රාන්තයේ නගර 6 ක් හා බෙන්ගලූරු නගරයට හෙට සිට රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට නියමිත බවත් රාත්‍රී 10.00 සිට අලුයම 5.00 දක්වා පැනවෙන ඇඳිරි නීතිය අප්‍රේල් 20 වැනි දා දක්වා පවත්නා බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෛනික ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවන ඉන්දියාවේ ප්‍රාන්ත 10 ක් මේ වනවිට හඳුනාගෙන ඇති අතර එම ප්‍රාන්ත වන්නේ මහාරාශ්‍රට, කර්ණාටක, චතිස්ගාර්, උත්තර් ප්‍රදේශ්, දිල්ලි, මධ්‍ය ප්‍රදේශ්, තමිල්නාඩු, ගුජරාට්, කේරල හා පන්ජාබ්.

Exit mobile version