පසුගිය පැය 48ක කාලය තුළ රිය අනතුරුවලින් 30ක් ජිවිතක්ෂයට

පසුගිය පැය 48ක කාලය තුළ මෙරට සිදු වූ රිය අනතුරුවලින් 30දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙන අතර 150දෙනෙක් තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

ඉන් මරණ 8ක් ඊයේ (15) දිනයේ සිදුවු අනතුරු හේතුවෙන් සිදුව ඇති බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

ලංකාවේ රිය අනතුරු වැඩිම දින දෙක ලෙස අප්‍රේල් 14 සහ 15 හැඳින්විය හැකි බවත් අප්‍රේල් 14 වන දින රිය අනතුරුවලින් මරණ 14ක් වාර්තා වු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් පැවසීය.

මේ අතර අද දිනයේ දී විශේෂ මෙහෙයුමක් රථ වාහන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙයි.

Exit mobile version