විශ්ව විද්‍යාල ආරම්භය තවත් කල් යයි

ලබන 27 වෙනිදා දිවයිනේ සියලු විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට නියමිතව තිබුණ අතර මේ පවතින කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන එය තවත් සති දෙකකින් කල් දැමීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලද උපදෙස් මත එම දිනය වෙනස් කිරීමට කටයුතු කළ බවයි අධ්‍යාපන ඇමති ජි එල් පිරිස මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.

Exit mobile version