රාජකීය – සා. තෝමස් නිල් මහ සටන වාර්ෂික මහ ක්‍රිකට් තරගය දිනයකින් කල්යයි

කොළඹ රාජකීය සහ ගස්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල අතර ලබන බ්‍රහස්පතින්දා (8) ආරම්භ වීමට නියමිතව තිබූ 139 වැනි ‘නිල් මහ සටන‘ වාර්ෂික මහ ක්‍රිකට් තරගය දිනයකින් කල්දමා තිබේ.

අපවත් වී වදාළ දරණාගම කුසලධම්ම හිමිගේ ආදාහන පූජෝත්සවය බ්‍රහස්පතින්දා දින පැවැත්වෙන බැවින් රාජකීය – සාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය සිකුරාදා ආරම්භ කිරිමට තරග සංවිධායකයන් තීරණය කර ඇත.

ඒ අනුව තරගය 9, 10 සහ 11 යන දිනවලදී කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

Exit mobile version