ප්‍රදේශ කිහිපයක අන්තර්ජාල වේගය අඩු වෙයි

ප්‍රදේශ කිහිපයක අන්තර්ජාල වේගය අඩුවීම සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු වාර්තා වේ.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ මහනුවර ප්‍රදේශයට අන්තර්ජාලයට පිවිසීමේ වේගය සීමා කර ඇති බවයි.
එයට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ මහනුවර ප්‍රදේශයේ ඇතිවී ඇති නොසන්සුන්කාරී තත්ත්වය පාදක කරගෙන සමාජජාල මඟින් සහ වෙබ් අඩවි තුළින් බොරු ප්‍රචාර පතුරුවන පුද්ගලයින් හඳුනාගැනීමට මෙය සිදු කළ බවයි.
කෙසේ හෝ අද දිනය ඇතුළත මෙය සාමාන්‍ය තත්ත්වයට පත් කරන බවද විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව කියා සිටියි.
Exit mobile version