එංගලන්තයේ කොවිඩ් පාලන සීමා ඉවතට

එංගලන්තයේ කොවිඩ් පාලන සීමා ඉවත්කිරීම යටතේ සියලුම සමාජ දුරස්ථකරණ සීමා ඊයේ (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණි.

සියලුම ගෘහස්ථ ස්ථානවල ධාරිතාවේ උපරිමයට ජනතාව රැස්කළ හැකි වන අතර රාත්‍රී සමාජශාලා විවෘත කිරීමටද අවසර හිමිවේ.

එසේම මුහුණු ආවරණ පැලඳීම නීතිමය අවශ්‍යතාවක් වන්නේද නැත.

Exit mobile version