ඔන්ලයින් උගන්වන ගුරුවරුන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

ඔන්ලයින් ඔස්සේ පාසල් ළමුන් සඳහා අධ්‍යාපනය ලබාදෙන පාසල් ගුරුවරුන් හට කිසියම් පුද්ගලයෙකු විසින් එම අධ්‍යාපන කටයුතු නවතන ලෙස කුමන ආකාරයකින් හෝ තර්ජනය කරනු ලැබුවහොත් ඒ පිළිබඳව සෘජුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ හැකි බව ශ්‍රී ලංකා පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටිනවා.

මේ බව 119 හදිසි ඇමතුම් අංකය හරහාද දැනුම් දිය හැකි බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.

Exit mobile version