ජනපති සහ ජපානයේ පිහිටි ශ‍්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානවල නායක හිමිවරුන් අතර හමුවක්

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ජපානයේ පිහිටි ශ‍්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානවල නායක හිමිවරුන් අතර හමුවක් ඊයේ (13) ටෝකියෝ නුවරදී පැවැත්විණි.

බෞද්ධාගමික ප‍්‍රචාරය වෙනුවෙන් ජපානයේ සිට උන්වහන්සේලා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී පළමුව සිය ගෞරවය පුද කළ ජනාධිපතිතුමා, උන්වහන්සේලා හමුවීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව ද සිය සතුට පළ කළේය.

තරුණ පරපුරට අපේ යහපත් සංස්කෘතික වටිනාකම් අවබෝධකර දෙමින් ශ‍්‍රී ලාංකික දරු පරපුර යහපත් සහ සදාචාරවත් පරපුරක් ලෙස ගොඩනැගීමේ අවශ්‍යතාවය පැහැදිළි කළ ජනාධිපතිතුමා එහිදී ආගමික නායකයින්ට සුවිශේෂි කාර්යභාරයක් පැවරෙන බව ද කියා සිටියේය.

මුස්ලිම් ආගමික නායකයින් ඇතුළු පිරිසක් ද ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී ජනාධිපතිතුමා හමුවිය.

ඔවුන් එහිදී කියා සිටියේ කවුරුන් කුමන චෝදනා නැගුව ද ශී‍්‍ර ලංකාව තුළ ස්ථීරසාර සාමයක් උදාකරලීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ කැපවීම ඉතා විශිෂ්ට බවත් එම වැඩපිළිවෙළට උපරිම ශක්තියක් වීමට තමන් සූදානම් බවත් ය.

Exit mobile version