බස්රථ රියදුරෙකුට පහරදුන් මන්ත්‍රී හා ඔහුගේ බිරිඳ යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

බස්රථ රියැදුරෙකුට පහරදීම හා ගිනි අවි පනත යටතේ වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන් හා ඔහුගේ බිරිඳ ලබන 27 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (13) නියෝග කෙළේය.

පළාත් සභා මන්ත්‍රීවරයාට හා ඔහුගේ බිරිඳට ගිනිඅවි පනත යටතේ හා දණ්ඩ නීති සංග්‍රහයේ 314 වගන්තිය යටතේ තලංගම පොලිසිය මඟින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

 

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සංස්කරණය නොකළ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමට පොලිසියට අවසර ලබාදෙමින් සැකකරුවන් ලබන 27වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරමින් විමසීම එතෙක් කල් තැබීය.

Exit mobile version