ඉසිපතන පිහිණුම් තටාකය සිසු අයිතියට

කොළඹ, ඉසිපතන විද්‍යාලයේ පිහිණුම් තටාකය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අද (14) දින සිදු කෙරිණි.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, ඉසිපතන විද්‍යාලයේ විදුහල්පති ප්‍රේමසිරි ඈපා යන මහත්වරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් පිරිසක් සහභාගී වී සිටියහ.

Exit mobile version