අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ

ලෝකයේ මේ වන විට පවතින ඉතා ම ප්‍රවේගකාරී සහ වේගවත් ක්‍රිකට් තරග මාලාවක් ලෙසට T10 තරගාවලි හදුන්වනු ලබනවා.

ඒ අතර අබුඩාබිහි පැවැත්වෙන T10 ලීග් ඉතාම සුවිශේෂියි.

ලොව අති දක්ෂ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම් 6කින් සැදුම්ලත් අබුඩාබි T10 ලීග් තරගාවලිය අද (19) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙවර එම තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටින සියත TV අප නාලිකාවයි.

හෙටින් ආරම්භ වන අබුඩාබි T10 ලීග් තරගාවලිය ලබන දෙසැම්බර් මස 04 වන දා දක්වා පැවැත්වෙනවා.

මෙම තරගාවලියේ කණ්ඩායම් 06 නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් 06 දෙනෙක් ක්‍රීඩා කරනවා.

Exit mobile version