කින්නියා නගරයම අද නිසලයි

ත්‍රිකුණාමලය කින්නියා නගරයේ සියලු වෙළදසැල් අද වසා දමා තිබෙනවා.

කුරුඤ්ඤංකර්ණි කලපුවේ ගිලී මිය ගිය 06 දෙනා වෙනුවෙන් ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරමිනුයි කඩ සාප්පු වසා දමා ඇත්තේ.

පාලම ඉදි කිරීම පමා වීම සහ ප්‍රමිතියට නැති පාලම්පාරු නිසා අහිංසක ජිවිත 06 ක් අහිමි වුණා. මේ අනතුර සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. අද ප්‍රදේශයේ සියලු වෙළද සංගම් එකතුව මෙම අනතුරට විරෝධය පල කරමින් ශෝක දිනයක් ප්‍රකාශයට පත් කළා. කින්නියා නගරයේ පාසල්වලද ඉගෙනීම් කටයුතු නතර කර ඇති බවයි වාර්තා වෙන්නේ.

අනතුර සිදුවීමෙන් පසු මාර්ගයට ඊයේ එක් කල බස් රථයටද ජනතාව විරෝධය පල කළා.

Exit mobile version