ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයෙන් ඉවත් වී තිබෙනවා.
ඒ දුම්රිය සංඥා ගැටලු සහ සේවා ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයකට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්.
කෙසේ වෙතත් අද උදෑසන සිට දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වුණා.
එසේම තැපැල් සේවකයින් ද ඊයේ පස්වරුවේ සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා.
මේ හේතුවෙන් අද දින බොහෝ තැපැල් කාර්යාල වසා දමා තිබුණු අතර, සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව අපහසුතාවයට ද පත්ව තිබෙනවා.