පාකිස්තානයේ ගොඩනැගිල්ලක පිපිරීමක් – 14 දෙනෙකු ජීවිතක්ෂයට

පාකිස්තානයේ කරිච්චි නුවර බැංකු ගොඩනැගිල්ලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

පිපිරීමෙන් මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව පාකිස්තානු බළධාරීන් පවසනවා.

පිපිරීමට හේතුව ලෙස ඔවුන් සැක කරන්නේ අපද්‍රව්‍ය කාණුවක ගෑස් කාන්දුවක් නිසා මෙය සිඳු වන්නට ඇති බවයි.

Exit mobile version