නයිජීරියාවේ ට්විටර් තහනම ඉවත් කරයි

නයිජීරියාව තුළ පනවා තිබු ට්විටර් තහනම ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය ජුනි මස සිට මාස 07ක කාලයක් එරට ට්විටර් සමාජ මාධ්‍ය භාවිතය තහනම් කෙරුණි.

කෙසේවෙතත් ඊයේ දිනයේ නිවේදනයක් නිකුත් කරමින් නයිජීරියානු රජය ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ අනුමැතිය පරිදි ට්විටර් තහනම ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

Exit mobile version