බන්ධනාගාරවල දූෂණ හා විෂමාචාර පාලනයට ‘ස්පීඩ් ෆෝස්’ නමින් නව බලකායක්

බන්ධනාගාරවල දූෂණ හා විෂමාචාර වැළැක්වීමට සහ එවැනි ගැටලු වඩාත් විනිවිදභාවයකින් පාලනය සදහා නව බලකායක් හදුන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය හෙවත් ස්පීට් ෆෝස් යනුවෙනුයි එය හදුන්වන්නේ.

දූෂණ හා විෂමාචාර වැළැක්වීමට බන්ධනාගාර සදහා ස්පීට් ෆෝස් වෙත බදවා ගත් පළමු කණ්ඩායම බන්ධනාගාර සේවයට පසුගියදා එක්වුණා.

මෙහි විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා වූයේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතායි.

අගුණුකොළපැළැස්ස බන්ධනාගාරයේ විශෝධන පිළිබද පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ දී යි උත්සවය පැවැත්වුණේ.

නව බලකායට සේවා මුක්ත භටයින් 500 දෙනෙකු බදවා ගැනීමට නියමිත බව ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළා.

Exit mobile version