දික්ඕවිට ධිවර වරායෙන් ගමන් ඇරැඹු “ජනත් පුතා 2” ධීවර යාත්‍රාව ගිනිගනී

ධීවර අමාත්‍යාංශය සඳහන් කළේ, දික්ඕවිට ධිවර වරායෙන් ගමන් ඇරැඹු “ජනත් පුතා 2” ධීවර යාත්‍රාව හික්කඩුවට කිලෝ මීටර් 51 ක් දුර දියඹේ ගිනි ගනිමින් පවතින බවයි.

“ජනත් පුතා 1” සහ “ජනත් පුතා 2” නමින් ධීවර යාත්‍රා දෙකක් නිෂ්පාදනය කර එම යාත්‍රා දෙකම අද (22) මංගල ගමන පිටත් වී ටික වේලාවකින් මෙම අනතුරට මුහුණ දී ඇත.

මෙම යාත්‍රාවේ වටිනාකම රුපියල් කෝටි 03ක් වන අතර දිග අඩි 60 කි.

“ජනත් පුතා 2” යාත්‍රාවේ ගමන් කරමින් සිටි ධීවරයින් ඒ සමඟ ගමන් කරමින් තිබූ “ජනත් පුතා 1” යාත්‍රාවේ සිටි ධීවරයින් විසින් බේරා ගෙන ඇත.

Exit mobile version