සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත විවාදයට – හර්ෂ ද සිල්වා මහතා විසින් විවාදය ආරම්භ කරයි

සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත අද (23) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගත් අතර, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් විවාදය ආරම්භ කළේ ය.

වැදගත් පනතක් අද ඉදිරිපත් කරන්නේ. මෙය අපේ රටේ රාජ්‍ය ණය කළමනාකරණය කර ගැනීමටයි ඉදිරිපත් කරන්නේ. ප්‍රධාන අභියෝගය වන්නේ ණයයි. බිලියන 4ක් පමණ ණය ආපසු ගෙවීන් කරන්න සිදුවෙලා තිබෙනවා.

සියයට 20 ණය ප්‍රමාණය අද සියයට 80 පමණ වැඩි වෙලා. සියලු ම ගත් ණය එකම ණයක් නොවෙයි. සමහර අවස්ථාවල පොළී අයකරන්නේ නෑ. වානිජ ණය ගන්න පටන් ගත්තේ 2006-2007 වසරවල සිට. මේ ණය පැරණි
ණය වලට වඩා වෙනස්. ගෙවන්න තියෙන කාලය එකපාර ගෙවන්න ඕන.මෙය අභියෝගයක්. රජයක් ගත්ත ණයක් නොගෙවා නෑ. කාලින ගෙවීම් අතපසු කර නෑ. ලෝකයේ ලොකු පිළිගැනීමක් තිබෙනවා. අලුත් පනත අවශ්‍ය වන්නේ ඇයි? ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් ඒ පිළිබඳව කල්පනා කරලා, තීන්දුවක් දුන්නා, කිසිම ලෙසක අපේ ව්‍යවස්ථාවට පටහැනි නෑ කියලා. පාර්ලිමේන්තුවේ මුදල් බලය සම්පූර්ණයෙන්ම තියෙනවා කියලා පේනවා. ව්‍යවස්ථාවට අනුකූලව ගේන පනතක්.

දේශපාලන වේදිකාවල කියනවා, සංවර්ධනයට පමණයි ණය ගත්තේ කියලා, එය සත්‍යයක් නොවේ, එසේ නම් වත්කම් තියෙන්න ඕන. වත්කම් රෙජිස්ට්‍රි එක හදන්න ඕන. පසුගිය රජයට කරන්න බැරි වුණා. මේ පනතෙන් සිදු කරන්නේ ණය ගෙවන්න තියෙන අභියෝගය ජයගන්න මහබැංකුවට අවස්ථාව සළසා දෙන එකයි. ණය කළමනාකරණයට අත්‍යාවශ්‍ය වූ නීතියක් යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Exit mobile version