ප්‍රංශයේදී පුද්ගලයන් තිදෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ IS ත්‍රස්තයා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට

දකුණුදිග ප්‍රංශයේදී පුද්ගලයන් තිදෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වේ.

මෝටර් රථයක් පැහැරගත් තුවක්කුකරුවෙකු පසුව සුපිරි ට්‍රේබ්ස් නගරයේ වෙළෙඳ සැලක් තුළ පුද්ගලයන් තිදෙනෙකු ප්‍රාණ ඇපයේ තබාගනිමින් මෙම ප්‍රහාරය අවසන්ව තිබුණි.

ඔහු ට්‍රෙබ්ස් නගරයට පැමිණීමට පෙර කාර්කසෝන් නගරයේ සිට මෙම ප්‍රහාර මාලාව දියත් කිරීම අරඹා ඇති අතර, එහිදී ඔහුගේ වෙඩි පහරින් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබුණි.

අවස්ථා තුනක් ලෙස ක්‍රියාත්මක වූ ප්‍රහාරයේ මුලින්ම කාර්කසෝන් හිදී මෝටර් රථයක් පැහැරගෙන එහි ගමන්ගත් එක් මගියෙකු වෙඩි තබා ඝාතනය කර රියදුරුට වෙඩි තබා තුවාල කර තිබුණි. පසුව මියගිය මගියාගේ සිරුර වන රොදක් තුළ තිබියදී සොයාගෙන ඇත.

පසුව තවත් කිහිප දෙනෙකු සමග ව්‍යායාම්වල යෙදෙමින් සිටි පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා තුවාල කර ඇත.

ඉන් අනතුරුව කුඩා නගරයක් වූ ට්‍රේබ්ස් වෙත ගමන් කර ඇති ඔහු වෙළෙඳ සැලක් වෙත පිවිස මම ඉස්ලාම් රාජ්‍යයේ සොල්දාදුවෙක් යැයි කෑමොර දී එහි සිටි පිරිස් ප්‍රාණ ඇපයට ගෙන ඇත.

Exit mobile version