ඉදිරි දින තුනේ ඉන්ධන පෝලිම්වල ඉන්න එපා – බලශක්ති ඇමති

ඉන්ධන හිඟය හමුවේ දිවයින පුරා සිපෙට්කෝ සහ ලංකා අයි ඕ සී ඉන්ධන පිරවුම්හල් වසා දමා තිබෙනවා. එහෙත් ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් අදත් ප්‍රදේශ රැසක ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටිනු දක්නට ලැබුණා.

එසේම ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන ලබාදීම අවසන් වනතුරු ඉදිරි දින 03 තුළ ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල සිටීමෙන් වළකින ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඊයේ (15) දිනයේ ඩීසල් තොගයක් මෙරටට පැමිණි අතර ඉදිරි සති 2 තුළ ශ්‍රී ලංකාවට ඉන්දීය ණය පහසුකම යටතේ ඉන්ධන රැගත් නෞකා තුනක් පැමිණීමට නියමිත බවද ඔහු වැඩිදුටත් සඳහන් කර තිබෙනවා.

Exit mobile version