යේමනයේ හුති කැරලිකරුවන්ගෙන් සෞදි අරාබියට මිසයිල ප්‍රහාර

යේමනයේ හුති කැරලිකරුවන් විසින් සෞදි අරාබිය වෙත එල්ල කරනු ලැබූ මිසයිල හතක් විනාශ කර දැමූ බව සෞදි ආරක්ෂක හමුදා පවසයි.

එයින් මිසයිල තුනක් රියාද් නගරය ඉලක්ක කරමින් එල්ල කර තිබෙන අතර, එහි කැබලි රියාද් ආශ්‍රිත ප්‍රදේශවලට පතිත වූ අවස්ථාවේ එක් පුද්ගලයෙකු මියගිය බව වාර්තා වෙයි.

රියාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු විවිධ ස්ථාන ඉලක්ක කරගෙන මිසයිල ප්‍රහාර එල්ල කළ බව හුති කැරළිකරුවෝ පවසති.

Exit mobile version