ග්ලයිෆොසෙට් තහනම සම්බන්ධයෙන් තීරණ ගැනීමට කමිටුවක්

ග්ලයිෆොසෙට් තහනම සම්බන්ධයෙන් වන තීරණයක් ගැනීම සඳහා වැවිලි, සෞඛ්‍ය, කෘෂිකර්ම හා ගොවි සංවිධාන නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත දැනුම්දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඒ අනුව අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, නවීන් දිසානායක, දුමින්ද දිසානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී රතන හිමියන් මෙහි නිරීක්ෂකයන් වශයෙන් කටයුතු කිරීමට ද අද (27) පැවැති අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කළ බව අමාත්‍යවරයා පෙන්වා දුනි.
Exit mobile version