ගෝඨාභය මාලදිවයිනෙන් සිංගප්පූරුවට

රටින් පලා ගිය ජනාධිපති ගෝඨාභයට මේ වන තෙක් නිශ්චිත ගමනාන්තයක් නැහැ. ඔහු තවමත් සිය ජනාධිපති ධූරය අතහැරීමට සූදානමකුත් නැහැ.

විධායක ජනාධිපතිවරයෙකු සතු බලතල සහ වරප්‍රසාදවලට මුවා වී ජනාධිපති ගෝඨාභය තව දුරටත් බලයේ රැඳී සිටි උත්සාහ දරන බවටයි විවිධ පාර්ශවයන් චෝදනා කරන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ජනාධිපති සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත්තේ සෞදි ගුවන් සේවයට අයත් එස් බී හත්සිය අසූ අට දරණ ගුවන් යානයෙන්.

මේ වන විට ජනාධිපති ගෝඨාභය සිංගප්පූරුවට පැමිණ ඇති බවයි ඒ එෆ්බී පුවත් ඒජන්සිය පැවසුවේ. ජනාධිපති ගෝඨාභය තවමත් නිල වශයෙන් සිය ධුරය අතහැර නැහැ.

Exit mobile version