ටී 56 දියවන්නාවේ වතුරේ

පසුගිය දහතුන් වනදා පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ පොල්දූව මංසන්ධියේදී විරෝධතාවයක් පැවැත්වුණා.

එහිදී ඇතිවූ ගැටුම්කාරී තත්වය අතරතුර, ටී 56 ගිනි අවි දෙකක් සහ එම උණ්ඩ පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ වාර්තා කර තිබුණා.

එලෙස පැහැර ගැනීමට ලක්වූ ගිනි අවි දෙකෙන් එක් ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.

නාවික හමුදා කිමිදුම් බලකායේ නිලධාරීන් රාජගිරිය සමනල පාලම අසල දියවන්නා ජලාශයේ පාර්ලිමේන්තුව දෙසට වන්නට පාලම යට ජලයේ තිබියදී මෙම ටී 56 ගිනි අවිය සොයාගෙන ඇත්තේ.

කොල්ලකන ලද ගිනි අවිය සහ හිස් පතුරම් ගැබක් සොයාගෙන ඇති අතර එය වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලිසිය වෙත භාර දී ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජකාරි කටයුතු අද සිට යළි ආරම්භ කර තිබෙනවා.

Exit mobile version