හිටපු ජනපතිට අගෝස්තු 11 වනදා තෙක් සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසරය

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අගෝස්තු මස එකොළොස් වනදා තෙක් සිංගප්පූරුව තුළ රැඳී සිටීමට එරට බලධාරීන් අවසර ලබාදී තිබෙනවා.

මේ අතර මෙරට යුද්ධය පැවති සමයේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස සිටින විට කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පිරිසක් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

ඒ ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින්.

Exit mobile version