ඉන්ධන බලපත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා 50% ක් ලියාපදිංචි වෙයි

මේ අතර ජාතික ඉන්ධන බලපත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට සියයට පනහක් ලියාපදිංචි වී ඇති අතර බිලියන හතරයි දශම දෙකයි පහක් රථවාහන සංඛ්‍යාවක් එහි ලියාපදිංචි වී ඇති බවයි, අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ.

මේ වන විට කිව් ආර් පද්ධතිය සමඟ සම්බන්ධ වී ඉන්ධන ලබා දීමේ කටයුතු සඳහා ඉන්ධන පිරවුම්හල් හාරසිය අසූ එකක් ක්‍රියාත්මක වන අතර, ඉන් පිරවුම්හල් හාරසිය නමයක් සිපෙට්කෝ වන අතර, හැත්ත දෙකක්, අයි ඕ සී ඉන්ධන පිරවුම්හල් වන බවද අදාළ ටුවිටර් සටහනේ දැක්වෙනවා.

Exit mobile version